වැලිකඩ ගැටුම ගැන ඇමති තතු කියයි
බන්ධනාගාරයේ ඇතුලෙන් තවත් සිරුරු 11ක් සොයාගෙන ඇතැයි ද, බන්ධනාගාර අවි ගබඩාවෙන් ආයුධ 82ක් පැහැරගෙන ඇතැයි ද, ඉන් අවි පහක් ගැන මෙතෙක් තොරතුරු නැතැයි ද බන්ධනාගාර හා පුනුරුත්තාපන ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා අද පාර්ලමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
දරුණු අපරාධකරුවන් සිටින වාට්ටු පරීක්ෂා කිරීමට ඉඩ නොදෙන නිසා විශේෂ කාර්ය බලකාය ඔවුන් සතු අධි තාක්ෂණ උපකරණ ද භාවිතයෙන් පරීක්ෂා කිරීමට යද්දී ගැටුම ඇතිවූ බව ද ඇමැති ගජධීර ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට සිරකරුවන් 20ක් ද, එක් බන්ධනාගාර නිලධාරියෙක් ද, විශේෂ කාර්ය බලකායේ 13ක් ද, මාධ්‍යවේදියකු සහ සිවිල් වැසියකු ද ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

