වැලි ලොරි එපා


වැලි ලොරියකට අසුවී ලග්ගල කළුගඟදී මවක සහ පුතකු මිය යාමෙන් පසුව ගම්වැසියෝ පාරට බැස ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ.

වැලි ලොරිවලින් සිදුවූ  අනතුරු හා මරණ සංඛ්‍යාව සලකා හඳුන්ගමුව මාතලේ මාර්ගයේ වැලි ටිපර් ගමන නවත්වන ලෙස ඔවුහු ඉල්ලති.

දිනකට අඩුම ගණනේ වැලි ටිපර් 500කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරන බවත්, ගැමියෝ පවසති.

මේ වැලි වැඩිහරියක් කොළඹට ගෙන එන බවත්, බොහෝ රියදුරන් අපරික්ෂාකාරී ලෙස වැලි ප්‍රවාහණය කරන බවත් ඔවුහු පවසති.

අද සිදුවූ මාරක අනතුරෙන් පසුව වැලි ලොරි පාරේ තැන තැන බිමට හළා ඇත.

කියුබ් හතරේ වැලි ලොරියක කොළඹ මිල රුපියල් 24000ක් පමණ වේ.