වැලි රාජුට ගැසූ පොරොව සොයාගනී


මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) පහර දුන් බව කියන පොරව  සිද්ධිය සිදු වු කදුරුවෙල හතරේ ඇළ ගරාජයක් අසල ස්ථානයක තිබී සොයා ගත් බව  පොළොන්නරු පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලීසියට බාර වු ඔහුගේ මිතුරකු බව කියන ලක්මාල් අද (27) පොළොන්නරුව පෙලීසියට රැගෙන ගොස් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කරයි.

ප්‍රියන්ත සිරිසේන මහතාට (වැලි රාජු) පොරෝ පහරක් දුන් බව කියන ලක්මාල් සපුතන්ත්‍රි (34) ගරාජ හිමියකු බවත්, ඔහුගේ හොඳම මිතුරකු බවත්, ඔහුගේ වාහන අලුත් වැඩියා කළ පුද්ගලයා බවත් කියති.

බ්‍රහස්පතින්දා සවස තවත් සිව් දෙනකු සමඟ රාජු මිතුරා හමුවීමට ගොස් ඇතැයි ද, ලක්මාල් පවසා ඇත්තේ ‘රාජු මහත්තයා‘ ඔහුගේ පියාට හා මවට පහර දුන් බවයි.

web

web-2