වැලි ටිපරය සිසුවාට මරු කැඳවයි


නාවලපිටිය අනුරුද්ධ මහා විදුහලේ අට වසරේ සිසුවෙක් නාවලපිටිය නගරයේ කහ ඉරක්මතින් පාර මාරුවෙද්දී වැලි ලොරියක හැපී මහනුවර රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බව රෝහල් ආරංචි කියයි. ලොරි රියදුරා අනතුර සිදුවන අවස්ථාවේ ජංගම දුරකතනයකින් කතාකරමින් සිටියාද, බීමතින් සිටියාද යන්න සොයන බව පොලිසිය පවසයි.