වැල්ලේ ළමා අපචාර වැඩි හේතු සොයා ගනී
කොළඹ දිසාවේ වැඩිම ළමා අපචාර රත්මලාන මුහුදු සීමාවේ බවත් බටහිර රත්මලාන, ගල්කිස්ස හා වෙඩි කන්ද ඉන් මුල්තැනක් ගන්නා බවත් රත්මලාන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි තුෂාර වික්‍රමසිංහ මහත්මිය කියන්නීය. බාලවයස්කාර විවාහ, මව රට අතහැර යෑම, කුඩු, මිත්තනිය බාරයේ සිටීම, ගුරු ආකල්ප ආදිය ඊට හේතුව බව ඇය කියන්නීය.

