වැල්ලව, ගනේවත්ත, අඹකොළවැව තමාරා කේශානි විජේකෝන් දැරිය (අවු.4 මාස 3) පැහැර ගෙනයාමේ සිද්ධියට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට රණසිංහ ආරච්චිලාගේ ගුණවතී (55) සහ ප්‍රේමසිරි රාජපක්ෂ ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් නිහාල් කිරින්දේ මහතා නියම කළේය.
දැරිය දින දෙකක් කුඹුක්ගැටේ නෙරියාවේ නිවසේ සඟවාගෙන සිටි බව කියන ඉලේපෙරුමආරච්චිගේ ගාමිණී(32) හෙවත් ග්‍රීස් යකා මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. රිමාන්ඩ් භාරයට පත්වූ ගුණවතී ගාමිණීගේ අම්මාය.










