වැල්ලම්පිටියේ ඝාතනයකට සැකපිට දෙන්නෙක් අත්අඩංගුවට


පසුගිය වසරේ නොවැම්බර් 1වැනිදා වැල්ලම්පිටිය පොලිස් වසමේ දී තියුණූ ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු කරන්දෙණියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරුවන් වයස අවුරුදු 23 හා 28 වයස්වල පසුවන්නෝ වෙති.