වැරැද්ද හරි ගස්සන්න මාසයක් යයි


අත්වැරදීමකින් ඉන්දීය වෙරළ ආරක්‍ෂක බළකායේ අත්අංගුවට ගෙන මාසයකට ආසන්න කාලයක් එරටට අයත් මිනිකෝ දූපතේ රඳවා ගෙන සිටි ලාංකික ධීවරයින් පස් දෙනා නිදහස් කිරීමට ඉන්දියාව පියවරගෙන ඇතැයි ධීවර අමාත්‍යාංශය කියයි. ඔවුහු බේරුවලින් ඉකුත් අගෝස්තු මාසයේ දී මුහුදු  ගිය ‘චතුර පුතා’’ ධීවර යාත‍්‍රාවේ ධීවරයින් පිරිසකි.