වැඳිරියන් නැති වඳුරෝ ගෝරි දාති


වැදිරියන් අඩුවීමත් පරිසරය විනාශ වීම හා තම ප්‍රදේශය හැකිළී යෑමත් වැනි හේතු නිසා නාගරික ප්‍රදේශවල ජීවත් වන වදුරන් වැඩිපුර ප්‍රචණ්ඩ ලෙස හැසිරෙතියි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය සුහද ජයවර්ධන මහතා කියයි.

මිනිසුන් සපා කමින් දේපලවලට හානි කරමින් නුගේගොඩ, මාතර හා වැලිගම ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු වදුරෝ තිදෙනෙක් බත්තරමුල්ල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනඑනු ලැබ සිටිති.

තවත් මෙවැනි වදුරන් දෙදෙනකු ගැන පැමිණිලි ලැබී ඇතැයි ද, මෙම වදුරන්ගේ හැසිරීම යහපත් වූ විට වනාන්තරයකට මුදා හරිනු ඇතැයි ද වනජීවී නිලධරයෝ කියති.