වැඩිහිටි කන්දේ අනතුරකින් 10කට තුවාල


(සිරිනිහාල් ගමගේ)

බැතිමතුන් පිරිසක් රැගෙන වැඩිහිටි කන්දේ පහළ මළුවේ සිට ඉහළ මළුවට ගමන් කරමින් තිබූ සංචාරක කැබ් රථයක් අද (30) දහවල් අනතුරට ලක්වීමෙන්  10 දෙනෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
 
තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි කියැවේ.බරපතල තත්ත්වයේ පසුවූ තිදෙනකු හම්බන්තොට රෝහල වෙත මාරු කර යවා ඇත.