දින 100 අයවැයෙන් වැඩි කළ රබර් මිල ලබන සතියේ සිට ගෙවන බව ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා හංවැල්ලේදී ප්‍රකාශ කළේය.
ආර්.එස්.එස්. 1-2 කිලෝව රුපියල් 350 කටද 3-4 රුපියල් 325 කටද 5-6 රුපියල් 300 කටද මිලට ගන්නා බව ඔහු කීවේය.
අයවැයට පෙර ගිය රජය සමයේ රබර් මිල දැඩිව පහත වැටී තිබුණි.
සුළු රබර් වතු හිමියෝ එයින් දැඩි අපහසුවට පත්ව සිටී.

