වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත් කළ බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) ව්‍යවස්ථාව අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.