වැටුප් විෂමතාත් විසඳන්න තීරණය කරයි


(අජන්ත කුමාර අගලකඩ)

ගුරු සේවයේ සහ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතා රනුක්ගේ වැටුප් කමිටුවේ නිර්දේශ අනුව විසදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සොයා බැලීමට පත්කළ ඇමැති අනුකමිටුවේ වාර්තාව සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරිමට ඉකුත් සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති අනුකමිටුවක් පත්කරනු ලැබීය.

රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත්  මද්දුම බණ්ඩාර මහතා ඇතුළු ඇමැතිවරුන් හය දෙනෙකුගෙන් ගත් එම කමිටුව ශ්‍රී ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමය දුම්රිය වෘත්තීය සමිති ගුරු සංගම් හා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරිමෙන් පසුව අද (1) පැවැති කැබිනට් රැස්වීමට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.

එම වාර්තාව සැළකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.