සහකාර වතු අධිකාරීවරයකු රැගත් රියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 74 කිලෝමීටර කණුව ආසන්නයේදී පැති ඇන්දද කඩාගෙන කළු ගල් බැම්මක වැදී පෙරළී ඇතත් වාහනයේ සිටි අය තුවාල නොලබා බේරුණහ.
මේ අතර ඉන්දියා ජාතිකයන් සිව් දෙනකු රැගෙන අධිවේගී මාර්ගයේ ධාවනය වූ මොටර් රථයක් උතුරු කළුතරදී මැද වැට ද කඩාගෙන මීටර් 60ක් දුරට ඇදී ගිය නමුත් වාහනයේ සිටි කිසිවකුටත් තුවාල සිදුවී නැත.
වාහන දෙකම දැඩි ලෙස පොඩි පට්ටම් වී තිබිණි.