වාස්ට තවත් නඩුවක්


බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරිකයකු වු මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වු වාස් ගුණවර්ධනට  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් උසාවියේදී තවත් නඩුවක් අද (23) පැවරිණි.

එම ඝාතන පරීක්ෂණ කළ  සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු  රහස් පොලිස් කණ්ඩායමට මරණ තර්ජන එල්ල කළැයි ඔහුට විරුද්ධව මේ නඩුව පවරා තිබේ .

ලබන 26 වැනිදා ගුණවර්ධන මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  වැලිකඩ බන්ධනාගාර අධිකාරීට නියෝග කළේය.