වාස් ගුණවර්ධන අදත් උසාවි ගෙනැවිත්


සියාම් නම් ධනවත් ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා පස් ප‍්‍රවාහන බලපත‍්‍රයක් නිකුත් කිරීමට බෙන්තොට ප‍්‍රාදේශීය සභාපතිගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගත්තැයි සැකපිට වලල්ලාවිට ප‍්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරාල රිමාන්ඞ් බාරයේ සිට වෙන වෙනම කොළඹ අලූත්කඬේ මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කරනු ලැබූහ.