( එම්.එන්.පියරත්න)
කතරගම මහා දේවාලයේ දේව පිළිමය වැඩම කරවන වාසනා හස්තියාගේ ඇස් වලට හානි සිදුවෙන බැවින් කරඬුව වෙත සුවඳ විලවුන් විදීමෙන් සහ සුවඳ වර්ග විසි කිරීමෙන් වළකින ලෙස කතරගම මහා පෙරහරේ අලි ඇතුන් බාරව කටයුතු කරන වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු හා නැගෙනහිර පළාත් බාර පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
“පෙරහර පිටත් වීමට පෙර දේවාල භූමියේදීත් පෙරහර වල්ලි අම්මා දේවාලයට පැමිණි විටත් බැතිමතුන් තමන්ගේ දැඩි භක්තිය ප්‍රකාශ කිරීමට දෙවියන් සහිත කරඬුවට සුවඳ විලවුන් විදීම සහ සුවඳ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු ජලය කරඩුවට විසි කරනවා.මේවා ඇතාගේ ඇස් වලට වැටෙනවා.ඒ නිසා මෙම ඇතා පෙරහැරේ ගමන් කරන්නේ ඇස් කඳුලින් තෙත් වෙලයි.මේ තත්ත්වය දිගටම පැවතියොත් මෙම ඇතාගේ ඇස් අන්ධ වෙන්න පුලුවන් එම නිසා මෙම ක්‍රියාව නොකරන මෙන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා “යැයි වෛද්‍ය ධර්මකීර්ති මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් පොලීසිය සහ දේවාල බලධාරින්ද දැනුවත් කර ඇතැයි ද වෛද්‍යවරයා කීය.

