වාරියපොළ හිමි එසවූ කොඩියම ඉල්ලති


උඩරට ගිවිසුමට වසර 200 ක් සපිරුණු මාර්තු 2 වැනිදා ස්වර්ණහංස පදනම මහනුවර දළඳා මාළිගාවේ මගුල් මඩුවේ ප්‍රදර්ශනය කළ ජාතික කොඩිය ඉවත් කර 1815 වාරියපොළ සුමංගල හිමියන් එසවූ සිංහලේ කොඩිය ඔසවන්නට ගොස් පොලිසිය සමග ගැටුමක් ඇති කර ගත්තේය.

එම පදනම කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට රිය පෙරහරකින් මහනුවරට ගිය බවත් පවතින ජාතික කොඩිය වෙනුවට සිංහලේ කොඩිය භාවිතයට ගෙන ටොරින්ටන් චතුරශ්‍රයේ නම නිදහස් චතුරස්‍රය යනුවෙන් නම් කරන ලෙසද එම පදනම රජයෙන් ඉල්ලයි.

සංවිධායකයන් හා පොලිසිය අතර එහිදී ගැටුමක්ද හටගත්තේය.

Sinhale-Kodiya-N-www.nethfm.com-01 Sinhale-Kodiya-N-www.nethfm.com-09 Sinhale-Kodiya-N-www.nethfm.com-18

ඡායාරූප - නෙත් නිව්ස් අනුග්‍රහයෙනි