ශ්‍රී ලංකාව යළිත් වාර්ගික හා ආගමික ගැටුම් නැමැති ගැඹුරු අගාධය වෙත දෑස් දල්වාගෙන සිටිනු පෙනෙතියි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතා පවසයි.
මෑත කාලයේදී රටේ ඇති වු උනුසුම් ආගමික වාතාවරණය ගැන තමාත් එක්සත්ජාතික පාක්ෂිකයනුත් ඉමහත් කණගාටුවට පත් වන බවත් කවර හෝ ආගමික සිද්ධස්ථානයකට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බවද ජයසුරිය මහතා කියයි.
බෞද්ධ ජීවන මාර්ගය හා බෞද්ධ වටිනාකම් සොදා පාළු කිරීමට නම් හැගීම් පාලනය කැර සංයමයෙන් වචන භාවිත කැර බුදුන් වහන්සේගේ ධර්මය අනුව ජීවත් වීමට අප උත්සුක විය යුතුයැයිද ජයසුරිය මහතා සදහන් කරයි.