වාරණයක් ඉල්ලා එජාප මන්ත්‍රී පිරිසක් උසාවි යති


අශෝක අබේසිංහ, පාලිත තෙවරප්පෙරුම, පාලිත රංගේබණ්ඩාර යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීහු ද, ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න යන පළාත් සභා මන්ත්‍රීහු ද වාරණයක් ඉල්ලා ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළහ. කොළඹ හයික් පිටියේදී පසුගියදා සරත් ෆොන්සේකාගේ රැස්වීමකට අනවසරයෙන් ගිය බව පවසමින් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීය. දිසා විනිසුරු ප්‍රදීප් එම් අබේරත්න මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ලේකම් තිස්ස අත්තනායක, නියෝජ්‍ය නායක සජිත් වික්‍රමසිංහ සහ ජාතික සංවිධායක දයා ගමගේ යන වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කරමින් පැවසුවේ ලබව 15 වැනිදා දෙපාර්ශ්වය අධිකරණයට කැඳවා වාරණයක් නිකුත් කරන්නේද නැද්ද යන්න තීරණය කරන බවයි.