වාද්දූව පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්


වාද්දූව පොලිස් ස්ථානාධිපති ‍ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ මහතාගේ වැඩ පොලිස්පති නියමයෙන් අද තහනම් කර ඇත.

පසුගිය 19 වැනිදා සහකාර පොලිස් අධිකාරී පොලිසියට එද්දී ඔහු  බීමතින් සිටි බව වෛද්‍ය වාර්තාවකින් ඔප්පු වී ඇති හෙයින් මේ පියවර ගත් බව පොලිසිය කියයි.