ව්‍යාපාරිකයෙක් ගමේ පාර හදා දෙයි


රුපියල් එක්කෝටි දස ලක්ෂයක් පමණ වැය කැර බටපොල කහටපිටිය,ඔලබැද්ද ,මද්දෙවෙල පාර කාපට් අතුරා ගමට පරිත්‍යාග කළ ව්‍යාපාරිකයෙක් බටපොල සිටී.

කිලෝමීටරයක් පමණ දිග මේ පාර පවුල් පන්දහසකට පමණ  පිරිසක් ප්‍රයෝජනයට ගනිති.

පාර ද පළල් කැර කාපටි ටොන් 600ක් පමණ ඇතුරා මෙම පාර  ගමට පරිත්‍යාග කළේ කේ ඩී ආනන්ද වීරසිංහ නම් ව්‍යාපාරිකයායි.

නියමිත ප්‍රමිතියට මේ පාර ඉදි කැර ඇතැයි අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාර සිංහ සහ විපක්ෂ නායක කේ කේ ලක්ෂමන් මහත්වරු කියති.

20140922_142546 20140922_160009 20140924_094152

20140922_142430