ව්‍යාපාරිකයාට ඇප නොදෙයි


21 හැවිරිදි තරුණයකුට කොළඹ සමාජ ශාලාවකදී පහරදුන්නැයි කියන ව්‍යාපාරිකයකුට ඇප දීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද ප්‍රතික්ෂේප කළේය.

ව්‍යාපාරික අලි අස්ගර් ෂබීර් ගුලාම් හුසේන්ට ඇප ඉල්ලමින් හිටපු නීතිපති සී ආර් ද සිල්වා සහ ශානක රූපසිංහ යන ජනාධිපති නීතීඥවරු මෝසමක් ගොනු කරමින් ඉල්ලා සිටියහ.

ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා පැවසුවේ පහරකෑමට ලක් වූ තරුණයාට හා ඔහුගේ පවුලේ අයට පමණක් නොව රෝහලට ද විවිධ පාර්ශ්ව වලින් බලපෑම් එල්ලවන බවයි.

එම තරුණයාගේ ඇසක සැත්කමක් සිදුකිරීමට ද නියමිත බව ඔහු කියා සිටියේය.