ව්‍යාපාරික ජෝඩුවට ඇප


ප්‍රංශයේ හා ඉතාලියේ රැකියා දෙන බව පවසා කල්මුණේ තරුණයන්  හය දෙනකුගෙන් රුපියල් හැත්තෑහය ලක්ෂයක්  වංචා කළැයි කියන මොහොමඩ් ෆාරුක් අන්වර් නම් දේශිය වෛද්‍යවරයා හා ඔහුගේ  බිරිය ෆාතිමා ක්‍රිෂ්ණා  කොළඹ අලුත් කඩේ අංක  03 මහෙස්ත්‍රාත් අධිකරණයේදී රුපියල් ලක්ෂ 50 බැගින් වු ඇප දෙකක් මත  මුදා හරිනු ලැබුහ.

රජගිරියේ  ලේක් ගාඩ්න්ස් හි පදිංචි දෙදෙනාට දැඩි ඇප කොන්දෙසිද පැනැවිණි.

මේ දෙදෙනා නිමි ඇදුම් ව්‍යාපාරයක්ද කැරගෙන යති.