ව්‍යාපාරවල වාහනවලටත් කිව්.ආර්. කේත ලබාගැනීමේ අවස්ථාව


(යොහාන් භාසුර)

ව්‍යාපාර සතු වාහන අදාල ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකයේ අංකය ඇතුළත් කර ජාතික ඉන්ධන බලපත්‍රය හරහා කිව්. ආර්. කේතය ලබා ගැනීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

වාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට එහි සියලුම වාහන ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.