ව්‍යාපාර මාධ්‍යවේදීනිය මරා දාලා


මව්පියන් පල්ලියට ගිය අවස්ථාවේදී මෙල් ගුණසේකර (40) ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප්‍රවෘත්ති මාධ්‍යවේදීනිය බත්තරමුල්ල සිය නිවසේදී පිහියකින් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි.

මුළුතැන් ගෙයිදී ඇය ඝාතනයට ලක් වී ඇතැයිද දන්නා අදුනන කෙනකු එහි එන්නට ඇති බවට සැකයක් පවතින බවද ගෙදර  සිටි බල්ලන් නොබීරීම ඊට හේතුව බව පොලිස් ආරංචි  පවසයි.

ෆිච් රේටින් ව්‍යාපාරික ආයතනයේ අවසන්වරට සේවය කළ ඇය  ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවයේ ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේද මාධ්‍යවේදීනියක ලෙස සේවය කැර ඇත.