වසරේ නැගී එන ගොල්ෆ් කී‍්‍රඩකයා චානක


වසරේ නැගී එන ගොල්ෆ් කී‍්‍රඩකයා සඳහා පිරිනැමෙන ඩග්ලස් ද සිල්වා ශිෂ්‍යත්වය, ඞී. එස්. සේනානායක විද්‍යාලයේ ගොල්ෆ් කී‍්‍රඩක චානක පෙරේරාට හිමිවිය. කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවති මෙම ශිෂ්‍යත්වය පිරිනැමීමේ උත්සවයට ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති ලාල් ඩයස් මහතා සහ ඩග්ලස් ද සිල්වා මහතාගේ මුණුපුරෙකු වන දිල්හාන් ද සිල්වා මහතා ඇතුලූ ආරාධිතයයෝ පිරිසක් සහභාගීවූහ.

චලිත පුෂ්පික, ආර්. සුරේෂන් සහ චානක පෙරේරා යන කී‍්‍රඩකයන් තිදෙනා මෙම ශිෂ්‍යත්වය සඳහා නිර්දේෂව සිටි අතර අවසානයේදී ඒ අතරින් චානක පෙරේරා ශිෂ්‍යත්වය සඳහා තෝරා ගන්නා ලදි.

චානක පෙරේරා, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති ලාල් ඩයස් මහතා අතින් ගොල්ෆ් කී‍්‍රඩා භාණ්ඩ කට්ටලයක් ලබාගන්නා අයුරු පහත ඡයාරූපයේ දැක්වේ. ගොල්ෆ් සංගමයේ භාණ්ඩාගාරික දිල්හාන් අබේරත්න මහතාද ඡයාරූපයේ සිටී.