වසර තුනකින් රට කුරක්කන් නතර කරයි


ලුණු, මුං ඇට හා සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, පෞද්ගලික ආයෝනය වැඩිකිරීමටත් පියවර ගන්නා බව ජනපති අය වැය ඉදිරිපත් කරමින් පැවසීය. බඩඉරිඟු නිෂ්පාදනයෙන් රට දැන් ස්වයංපොෂිතවී ඇතැයි ද ජනපති කීවේය. ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට කාර්මික නගර ඉදිකිරීමටත්, නැනෝ තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය ඉහළ නැංවන බවත් පැවසීය. ජනපති කතා කරද්දී පස්වරු 1.48ට විදුලිය විසන්ධි විය. මිනිත්තුවකටත් අඩු කාලයකින් යළි සන්ධි විය. 2015 වන විට කුරක්කන් ආණයනය නතර කරන බව ජනපති කීවේය. ශ්‍රී ලංකාවේ කුරක්කන් නිජ බිම ජනපති ගම් ප්‍රදේශයද ඇතුළත් ගිරුවාපත්තුවයි. දැන් ඉන්දියාවෙන් කුරක්කන් ආණයනය කෙරේ.