(චාමින්ද දිසානායක )
ශ්‍රි ලංකාවේ පැරණිතම සිතියම වැලිගෙපල පරගහමඩිත්ත බාදාහේන ගල්ගුහාවෙන් සොයාගැනිමට මේ දිනවල ඒ ආශිතව කැණිම් කටයුතු සිදුකරන මහාචාර්ය රාජ් සෝමදේව මහතාට හැකිවි තිබේ.
මෙම සිතියම මිට වසර 6000කට පමණ එපිටදි මෙම ලෙන්තුල ජිවත් වු මානවයන් විසින් කරවන ලද එකක් බව සෝමදේව මහතා පවසයි. දිගින් අඩි හයක් සහ පළලින් අඩි හතරක් පමණ වන මෙම පුවරැව පිහිටි ගලේ තිත් සටහන් 500කින් පමණ නිර්මාණය කර තිබේ. මින් පෙර ලංකාවේ කිසිදු තැනකින් මෙවැනි සිතියමක් හමු වි නොමැති බව ලංකාදිපයට අදහස් දක්වමින් රාජ් සෝමදේව මහතා කීය.
ලෝකයේ වෙනත් රටවලින් මෙවැනි සිතියම් 18 ක් පමණ හමු වී තිබෙන අතර මෙය 19 වැනි එක බව ද ඔහු කීවේය.



