වසර 430කට පසු සීතාවක රජ මාලිගය මතුවේ


මායාදුන්න හා පළමුවැනි රාජසිංහ රජවරුන්ගේ මාලිගාවේ කොටු පවුර සොයාගත් බව සබරගමුව සහකාර පුරාවිද්‍යා කොමසාරිස් එම් ඒ එස් ටී කේ  මදුරප්පෙරුම  මහතා කියයි. 1521-1581 දක්වා මායාදුන්න, 1581-1597 දක්වා සීතාවක පළවැනි රාජසිංහ පිය පුතු දෙදෙනා වාසය කරන්නට ඇත්තේ මෙම මාලාගයේ බව ඔහු පවසයි. අවිස්සාවේල්ල කැනියම්ගම පුරාවිද්‍යා කාර්යාලයය ආසන්නයේ මෙම මාලිගයේ නටබුන් ඇත. මාලිගයේ කැනීම් වළවල් 10ක් සේවකයෝ තිදෙනෙක් සමග වැඩ කරති. කැනීම් නිලධාරීනී ජානකී බියන්විල මහත්මිය කියනුයේ විදේශ ආක්‍රමනිකයන් මාලිගය ගිනි තබා වනසා ඇති බවයි.  ලන්දේසින් එහි බලකොටුවක් තැබූ බවද ජනප්‍රවාදයේ එන කතාවකි. සීතාවක රාජධානිය බැරැන්ඩි කොවිල, කටුඋණ පඳුරු, රාජසිංහ සොහොනද මීට කළින් සොයාගෙන ඇත.