වසර 24කට පසු මුස්ලිම් මිනී වළක් ගොඩ ගනී?


1990 දී කාත්තන්කුඩියේ මුස්ලිම් වැසියන් සිය දෙනකු පමණ කොටි ත්‍රස්තවාදීන් විසින් මරා දැමුණු බවට පසුගිය අප්‍රේල් මාසයේ ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මරා දැමුණු මුස්ලිම් වැසියන් සිය දෙනාගේ සිරුරු කුරුක්කල්මඩම් මුහුදු වෙරළ ආසන්නයේ වළ දමා ඇතැයි ද කාත්තන්කුඩියේ අබ්දුල් මජිඩ් මොහොමඩ් මහතාගේ පැමිණිල්ලේ සඳහන්ය.

කලවංචිකුඩි අධිකරණ නියෝගයකට අනුව ජූලි පළමු වැනි දා සමූහ මිනීවලේ කැනීම් ඇරැඹීමට නියමිතය.