වස විස නැති අස්වනු නෙළයි


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාදිවෙල කිඹුලාවල අක්කර 80ක වගා කළ දේශීය වී වර්ග 21ක අස්වනු නෙළීමේ මංගල්‍යය ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුභ නැකතින් අරැඹීණි.

 ගෝඨාභය රාජපක්ෂ කතානායක චමල් රාජපක්ෂ මහත්වරුන් දෑකති ගෙන කුඹුරට බැස මහාසංඝරත්යේ සෙත්පිරිත් සජ්ජායනය මැද  මංගල කරල් කැපූහ. තුරු වී, රත්කඳ, තිරිනාරන්, ඇල් වී, මඩනවාළු, ගෝනබරු, සුදු හීනටි, ගොබ හීනැටි, හිනෑටි, සුවදැල්, බාස්මතී, රත්ඇල්, කුරුළුතුඩ, පච්චපෙරුමාල්, මඩනවාලු, කළු හීනටි, වෙදහීනැටි, රන්කහවනු, බාලසුරිය, ඇතුළු දේශීය වී වර්ග 21ක් මෙහි වගාකර තිබුණි. එක බීජ ඇටයෙන් විශාල පඳුරු ප්‍රමාණයක් ලැබෙන දේශීය වී ප්‍රභේදවර්ග  රැසක් මෙහි වගා කර ඇත. රසායනික පොහොරවලින් තොරටව දේශීය කාබනික පොහොර යොදා පරිසර හිතකාමි ආකාරයෙන් වගා කර ඇති මෙම කුඹුරුවල අස්වනු නෙලීමෙන් පසු කපාගත් ගස් වී කරල් පාගා, පොළා, හුළංකර, කාටුව හැර මාගලක අතුරා වේලෙන්නට දැමීය.

මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යය සාලින්ද දිසානායක මහතා පැමිණ සිටි අතර ඒ මහතාගේ උපදෙස් මත  මෙම කුඹුරු අස්වැද්දූහ.