(රොමේෂ් මධුෂංඛ)
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා අවතැන් වූවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව වවුනියාවේ නැවත පදිංචි වූවන් වෙනුවෙන් ස්ථීර නිවාස 2000 කට ආසන්න ප්‍රමාණයක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බවට වවුනියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා පවසයි.
එම නිවාසවල කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට අවශ්‍ය දිරිගැන්වීම් හා උපදෙස් වරින් වර දිසාපති කාර්යාලය හරහා සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හරහා සිදු කෙරෙන බවද වවුනියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කරයි.
දිසාපතිවරයා මේ බව පැවසුවේ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මානවල ඉදිකරමින් පවතින ස්ථීර නිවාස නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.




