(සිතුම් චතුරංග)
වවුනියාව, කනගරායන්කුලම, කොල්ලරපුලියන්කුලම හි කැලෑ ප‍්‍රදේශයක තිබූ පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක තිබී මිලිමීටර 61 වර්ගයේ මෝටාර් උණ්ඩ 13 ක් සොයාගත් බව කනගරායන්කුලම පොලිසිය පවසයි.
කොල්ලරපුලියන්කුලම කැලෑවක පුපුරන ද්‍රව්‍ය තිබෙන බවට ප‍්‍රදේශවාසීන් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරකට අනුව ඒවා සොයාගෙන තිබේ.
පසුගිය යුද සමයේ ආරක්ෂක අංශවෙත ප‍්‍රහාර එල්ල කිරීම සඳහා කොටි සංවිධානය විසින් කොල්ලරපුලියන්කුලම ප‍්‍රදේශයේ රහසිගත කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති අතර යුද හමුදා ප‍්‍රහාර හමුවේ පලාගිය ත‍්‍රස්තවාදීන් එහි යුද උපකරණ දමා පැන යන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.
පොලිසිය පැවසූවේ වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය අදාළ ස්ථානයේ තවදුරටත් පුපුරන ද්‍රව්‍ය පවතින්නේද යන්න සම්බන්ධයෙන් අද(4) විශේෂ පරීක්ෂාවක් සිදුකිරීමට නියමිත බවයි.




