(ටී.කේ.ජී.කපිල / ඉන්දිකා රාමනායක)
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ වල්ලපට්ටා තොගයක් සමග පුද්ගලයකු අද(1 ) කටුනායක ගුවන්තොටුපොළේ දී රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
කොළඹ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් වන සැකකරු අද අලුයම 4.50 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් චෙන්නායි බලා යෑමට පැමිණ ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
ඔහු රැගෙන ආ ගමන් මල්ලේ රුපියල් 546,000 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 8 යි ග්‍රෑම් 400 ක් සඟවා ගෙන තිබී ඇත. මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණයකින් පසු මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කර අදාළ තරුණයාට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියම කෙරිණි.



