(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය, වලපනේ, මුංවත්ත, මලපට්ටාව ප්‍රදේශයේ නායයාම තවදුරටත් සක්‍රීය වීමට ඉඩ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නුවරඑළිය දිස්ත්‍රික් ස්ථාන භාර නිලධාරී භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා කීය.
නායයාමට ලක්වු ස්ථානයේ ඉහළින් පිහිටි කොටස මෙසේ අස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත්, පළමුව නායයාමට ලක්වු ප්‍රමාණයට වඩා අඩු කොටසක් යළි නායයාමට හැකියාව ඇති බවද ඒ මහතා පැවැසීය.
නායයාම නිසා අවහිරව ඇති වලපනේ පදියපැලැල්ල මාර්ගය යළි රථ වාහන ගමනාගමනයට විවෘත කිරීම සඳහා තවත් දින කීපයක් ගතවෙනු ඇති බවත්, නායාමට ලක්වූ ස්ථානය තුළින් ජලය ගලා ඒම නිසා මාර්ගයට වැටී ඇති පස් හා ගල් ඉවත් කිරීම අසීරුව ඇති බවත්, ඒ මහතා කීය. කෙසේ නමුත් වර්ෂාව නොමැතිව දින කිපයක් වියළි තත්ත්වයක් පැවැතුණහොත් මාර්ගය යළි විවෘත කිරීමට හැකියාව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
වලපනේ, මලපට්ටාව ප්‍රදේශයේ පසුගිය 30 දින වු නායයාමෙන් එකම පවුලේ පුද්ගලයන් හතරදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.



