වරාය සේවකයන්ට ආහාර දීමේදී මුදල් අවභාවිතාවක්


(රන්ජන් කස්තුරි)
 
වරාය සේවකයන්ට නොමිලයේ ආහාර ලබාදීමේදී ඉකුත් කාලයේදී විශාල මුදලක් අවභාවිත වී ඇතැයි මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
 
වරාය සේවකයන්ට නොමිලයේ ලබාදෙන ආහාර පැකැට්ටුවක් සඳහා  වරාය අධිකාරිය රුපියල් 360 බැගින් ගෙවා ඇත්ත, එහි නියම වටිනාකම රුපියල් 150ක් පමණ වන බවද, එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
 
ඒ අනුව වසර ගණනාවක සිට වරාය සේවකයින්ගේ ආහාර පැකැට්ටු වෙනුවෙන් රුපියල් කෝටි ගණනක අවභාවිතයක් වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
 
මේ අතර අමාත්‍ය  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(09) අදාළ නිලධාරීන් ගෙන්වා වරාය සේවකයන්ට ලබාදෙන ආහාර සඳහා නියම මිල පමණක් ගෙවන ලෙසද ඔවුන්ට ගුණාත්මක ආහාර වේලක් ලබාදීමට කටයුතු කරන්නැයිද පවසා තිබේ.