ඖෂධවේදීන්ගේ වර්ජනය හේතුවෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 890 ඖෂධ වර්ග 40 ක් පමණ අනාරක්ෂිත ලෙස තැන් තැන් වල ගබඩා කැර ඇතැයි ඖෂධවේදීහු කියති.
මෙම ඖෂධ වෛද්‍ය සැපයුම් අංශය මගින් බාරගෙන රෝහල් වලට නිකුත් කෙරෙන තෙක් නියමිත උෂ්ණත්වයක් යටතේ ආරක්ෂිතව ගබඩා කැර ගත යුතුව ඇතැත් වෛද්‍ය සැපයුම් අංශයේ වර්ජනය නිසා ගබඩා ඖෂධ නිසිපරිදි ගබඩා නොකරතියි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් බී තිලකරත්න මහතා කියයි.

