වරකාපොල කන්දක් නායයාමෙන් අතුරුදන් වූ මවගේ සිරුර සොයා ගනියි


(ඉන්දිකා  රාමනායක)

වරකාපොල  තුඹලියද්ද ප්‍රදේශයේ පස් කන්දක් නිවසක් මතට කඩා අතුරුදන්ව සිටි එකම පවුලේ තිදෙනා ගෙන් මවගේ මළ සිරුර අද (15) මෙහෙයුම් වල නිරත හමුදා සාමාජිකයන් විසින් සොයාගෙන ඇත.

පුෂ්පරාණි (52) කාන්තාවගේ මළ සිරුර මෙසේ සොයාගෙන ඇති  අතර, ඇගේ පුතුන් දෙදෙනාගේ මළ සිරුරු මෙතෙක් හමු වී නොමැත.

ඒම  මළ සිරුරු සොයා යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් තවදුරටත් මෙහෙයුම් සිදු කරමින් පවතී.