වයිකෝට සාංචි යන්න බැරිවේ
මහින්ද රාජපක්ෂ ජනපතිට සාංචියේදී විරෝධය දැක්වීම සඳහා පන්දුර්ණා නගරයේ ගඩ්චිචොලියේ සිට සංචිය දක්වා ගමන් කරන්නට සැරසුණු වයිකෝ සිය ආධාරකරුවන් ද සමග අත්අඩංගුවට ගත් බව ජබල්පූර් පොලිස්පති මධු කුමාර් කියයි. වයිකෝ මරුමලර් මුන්නේත්‍ර කලහම් පක්ෂයේ මහා ලේකම්ය. පන්දහසක පොලිස් බල ඇණියක් සාංචියට කැඳවා සංචියේ කඩ සාප්පු, මාර්කට් වසා බස් හා දුම්රිය ගමන් නවතා ඇතැයි ඔහු පවසයි. ජනපති බෝපාල් අගනුවර සිට සංචියට ගුවනින් පැමිණියේය. එහි අන්තර් ජාතික බෞද්ධ සරසවියට මුල්ගල් තැබිමේ උළෙලට ඉන්දියාවෙන් හා එතෙරින් සිය ගණන් පැමිණ සිටිති.

