වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලිය 19දා ඇරඹේ


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා ආරම්භ වේ. අවසන් මහ තරගය මේ මස 24 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පළාත් වෙන්කිරීමට අනුව කණ්ඩායම් 10 ක් සහභාගි වෙයි.