වයස 13 සාපෙළ ජයගත් සනහස් 15 උසස් පෙළ ජය ගනී


(තිලකරත්න දිසානායක)

වයස අවුරුදු 15 ක දරුවකු පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක් ලබා සමත්ව ඇත.

කඩවත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 9 වෙනි ශ්‍රේණියෙහි දැනට ඉගෙනුම ලබන දෙවුම් සනහස් රණසිංහ නමැති මෙම දරුවා 8 වෙනි ශ්‍රේණියේදී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ - 6 ක්, බී සාමාර්ථ - 2 ක් සහ සී සාමාර්ථ - 1 වශයෙන් ලබා ඇත.

පහ වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 173 ක් ලබා ගැනීමට සමත්ව ඇති සනහස්  සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ වයස අවුරුදු 13 දීය.

ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් ඇති සනහස්  අනාගත අපේක්ෂාව නීති ක්ෂේත්‍රයට බව ඔහු පැවසීය.

දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහලා   වන සනහස්   මව සහ පියා ඔහු අධ්‍යාපනය ලබන විදුහලෙහි ගුරු භවතුන් ලෙස සේවය කරති.

සනහස්  රාජ්‍ය විශ්ව විද්‍යාලයකට හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් කිරීමට සාකච්ඡා කරන බව මව වන මල්කා රණසිංහ මහත්මිය සදහන් කළාය.