වයඹ හොර රසායනාගාර වටලයි
සුදුසුකම් නොළත් පුද්ගලයන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී වයඹ පවත්වාගෙන යන හොර රසායනාගාර වැටළීමට යයි. වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආර් එම් එස් කේ රත්නායක මහතාගේ මූලිකත්වයෙන් ඒ සඳහා සය පුද්ගල කමිටුවක් ද පත් කැර ඇත.
ගල්ගමුව, නිකවැරටිය, කුලියාපිටිය, නාරම්මල හා කුරුණෑගල මෙවැනි අනවසර රසායනාගාර ඇතැයි වයඹ පළාත් වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ විද්‍යාඥ සංගමයේ ප්‍රකාශක ඇසල සපුමල් බණ්ඩාර මහතා කියයි.

