වයඹ පළාත් මන්ත්‍රී රට සවාරිය නවතී


වයඹ පළාත් සභා මන්ත්‍රීන් 49 දෙනාගේ චීන හා තායිලන්ත සංචාරය මහින්ද රාජපක්ෂ ජනපති අණින් අත්හිටවූ බව වයඹ ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා කියයි.

රුපියල් කෝටි තුනක් වැය කර කණ්ඩායම් තුනක් වශයෙන් මේ පිරිස සංචාරය ඇරැඹීමට නියමිතව සිටියහ.

මුල්ම කණ්ඩායම අද (27) පිටත්වීමට  සිටියේය.

මහ ඇමැති දයාසිරි ජයසේකර හා ජවිපෙ මන්ත්‍රීන් හැර සෙසු සියල්ලෝම මේ සංචාරයට එක්වීමට  සිටියහ.

පළාත් සභාව බලයට පැමිණ මාස හයක් පමණ වේ.