දිගින් දිගටම දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් නිසා තමා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වන බව වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ජී එල් කීර්ති සිංහ මහතා පැවසීය.
දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් හමුවේ ඇතැම් උසස් නිලධාරීන් කිසිවක් නොකරන බවත්, ස්වාධීන පොලිස් සේවයක් ඇති වුවහොත් නැවත පොලිසියට එක්වීමට අදහස් කරන බවත් ඔහු කීවේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ගිනි තැබීයැයි සැකපිට නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආධාරකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත්තේ මෙම වඳුරඹ පොලිසියයි.

