වන්දිය ගෙවන්න අතාවුද කල් ගනී


වරකාපොල කොහොඹ දෙණියේදී නිවසක නළ ජල පද්ධතියට හානි කළ සිද්ධියේ විත්තිකරුවකු වන හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න ගෙහිමියාට ගෙවිය යුතු රුපියල් අට ලක්ෂය ගෙවීමට වරකාපොළ දිසා අධිකරණයෙන් අද (29) කල් ගත්තේය.

කොහොඹ දෙණියේ කේ.පි.ජයලත් බණ්ඩාරගේ නිවසට ඇතුළුවී රුපියල් එකළොස් ලක්ෂයට ආසන්න දේපළ වලට හානි කළැයි හිටපු ඇමැති හා වරකාපොළ ප්‍රාදේශිය සභා මන්ත්‍රී සරත් සුමනසුරීය ඇතුලු 17 එරෙහිව මේ නඩුව පවරා තිබිණි.

දෙපාර්ශවයේ එකඟත්වයෙන් රුපියල් ලක්ෂ අටක් ගෙවා නඩුව සමතයකට පත් කර ගැනීමට එකඟ වූ නමුත් ගෙවීම අතපසු කර ඇත.

ලබන ජුනි 09 වන විට වන්දිය ගෙවා අවසන් කරන ලෙස වරකාපොළ දිසා විනිසුරු උද්දාල සුවන්දුරුගොඩ මහතා නියෝග කළේය.