වන්දි ඉල්ලා ගොවීහු විරෝධයේ


(ඉෂාන් සංජීව)

පොරොන්දු වූ වගා වන්දි මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද(9) බත්තරමුලේලේ සිට කෘෂිකර්ම අමාත්‍යංශය දක්වා විරෝධතා පාගමනක් ඇරඹීය.

විරෝධතා පුවරු ඔසවා ගත් පිරිස් මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යංශය දක්වා පැමිණෙමින් සිටින අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන තදබදයක් ද හටගෙන ඇත.