වන නිලධරයා යළි රිමාන්ඩ්


ඇලයාපත්තුව බීට්ටුවන නිලධාරී කාර්යාලයයේ පසුගිය 26 වැනිදා වෙඩි තැබීමකින්  ජේ ඒ රංජිත් කුමාරගේ මහතා මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන ක්ෂේත්‍ර සහකාර  එම් එච් සන්ධ්‍යා කුමාර දීප්ත අගොස්තු 07 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය

 ඔහුට ආධාර හා අනුබල ලබා දුන්නැයි සැක පිට රිමාන්ඩ් කැර සිටි ජී ඒ සම්පත් කුමාර ඇප මත මුදා හැරිණි.