වන නිලධරයා අල්ලස් දැලේ


රජයේ ඉඩමක වගා කිරීමට අවසර දීමට රුපියල් දසදහසක අල්ලසක් ගත් බව කියන මොනරාගල අඩවි වන කාර්යාලයයේ ක්ෂේත්‍ර නිලධාරියෙක් සැකපිට, අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය විසින්  අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අද මහියංගන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.