වන ඇමැති අලි ප්‍රශ්නයක් විසඳයි


වල් අලින්ගෙන් සිදුවූ හානියට වන්දි නොලැබුණු බව කියමින් වැල්ලවාය  ආනපල්ලම පහේ කණුවේ උපවාසයක් ඇරැඹූ ගොවියකු හමුවීමට ගිය වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මාසයක් ඇතුළත විසඳුම් දෙන බව පැවසීමත් සමග වර්ජනය අවසන් විය.

වල් අලින්ගෙන් දිගටම සිදුවන තර්ජන නවත්වන ලෙසත්, සිදුවූ හානිවලට වන්දි ගෙවන ලෙසත් උපවාසය ඇරැඹූ ප්‍රේමදාස මහතා ද ඔහුට සහාය දැක්වූ ගැමියෝ ද ඇමැතිගෙන් ඉල්ලා සිටියහ.

වනසම්පත් දෙපාර්තමේන්තුවේත්, ඇතැම් දේශපාලනඥයන්ගේත් බාධා නිසා විසඳුම් පමා වී ඇතැයි ඇමැති එහිදී ප්‍රකාශ කළේය.